සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ සුබ පැතුම්
සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා උළෙල 2019 සමරු පුස්තකය වෙනුවෙන් සුබපැතුම් එක් කිරීමට ලැබීම පිළිබදව සතුටට පත්වෙමි.
සමබර පෞරුෂයකින් යුතු , ජයපරාජය සමව දරාගත හැකි සෞඛ්‍ය සම්පන්න දරු පරපුරක් නිර්මාණය කිරීම සදහා ක්‍රීඩාවෙන් ඉටුවන්නේ විශාල මෙහෙයකි.ක්‍රීඩාව යනු ජය පරාජය පිළිබද කිසිවක් නොවන අතර එය සහභාගීත්වය හා සහයෝගීතාවය පිළිබද මානව ක්‍රියාකාරීත්වයකි.සෞඛ්‍ය සම්පන්න ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ජයග්‍රහණයේදී උඩගු නොවන අතර පරාජයේදී කම්පා නොවෙති. පුද්ගලයා ක්‍රීඩාවෙන් උගන්නා ඒ මහගු මානව ගුණාංගය සෑම අයෙකුටම සාර්ථක පුද්ගලික සහ සමාජීය ජීවිතයක් ගත කිරීම සදහා මනා පිටුවහලක් සපයයි.
පාසල් මට්ටමින් ක්‍රීඩාව දියුණු කිරීම සදහා සෑම රජයක්ම පාහේ අති විශාල මහජන ධනයක් වැය කරන බව නොරහසකි.වත්මන් රජයද සිය අයවැයෙන් වැඩිම ප්‍රථිශතයක් වෙන් කර ඇත්තේ අධ්‍යාපනයට සහ සෞඛ්‍යයටය.
නිවාසාන්තර ක්‍රීඩා තරගවලින් ආරම්භ වන පාසල් ක්‍රීඩා තරග අනතුරුව කොට්ඨාස සහ කලාප යන මට්ටම් දෙක පසු කොට පළාත් ක්‍රීඩා උළෙලක් වෙයි.ශ්‍රී ලංකාවේ විවිධ ක්‍රීඩා වලින් ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ලංකාවට කීර්තියක් අත්කර දී ඇති සෑම සෑම ක්‍රීඩිකාවකම සෑම ක්‍රීඩකයෙකුම පාහේ ලංකාවේ පාසැල් ක්‍රීඩා ඔස්සේ සිය හැකියාවන් ඔප් නන්වාගත්තෝ වෙති.
වාර්ථා බිද දමමින් ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය ජය ගත හැකි දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා උළෙලින් බිහි වේවාය යන්න මාගේ පැතුමයි.
ධම්ම දිසානායක
සබරගමුව පළාත් ආණ්ඩුකාරවර
.........................................................................................................................................................................................................
29 වන සබරගමුව පළාත් පාසල් මලල ක්‍රීඩා තරගාවලියෙහි සමරු කලාපයට සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබද මම පළමුව සතුටු වෙමි.
සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ මලල ක්‍රීඩා තරග සදහා ඓතිහාසික රාජසිංහ රාජධානියේ රුවන්වැල්ල මහජන ක්‍රීඩා පිටිය තෝරා ගැනීම වෙනුවෙන් පළාත් ක්‍රීඩා කමිටුවට ස්තුතිය පුද කරමි.
මෙම තරගාවලිය නියෝජනය කරමින් ජාත්‍යන්තර මට්ටමේ මලල ක්‍රීඩා තරු රැසක් රටට දායාද කල කෑගල්ල දිස්ත්‍රික්කය හා රත්නපුර දිස්ත්‍රික්කයේ පාසල් වල දරුවන් වෙනුවෙන් මෙවන් පාසල් ක්‍රීඩා තරගාවලියක් පැවැත්වීම තුලින් දරුවන්ගේ පාසල් අධ්‍යාපනයට මෙන්ම ඒ හා සමානව දරුවන්ගේ ශාරීරික යෝග්‍යතාවයද සමගින් ජාත්‍යන්තරය නියෝජනය කිරීමට වරම් ලබා ගැනීමටද හොද තෝතැන්නක් සපයයි.
කොට්ඨාස මට්ටමින් සහ කලාප මට්ටමින් ජය ගන්නා පාසල් ක්‍රීඩා තරගකරුවන් අතරින් අති දක්ෂයින් තෝරාගෙන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය නියෝජනය කිරීම සදහා මෙම පළාත් තරගාවලිය පාසල් දරුවන් වන ඔබ සැමට මහගු ආධාරයක් සපයයි.ජාතික මට්ටම ජයගැනීමට මූලික අඩිතාලම සපයන සබරගමුව පළාත් ක්‍රීඩා තරගාවලිය සදහා සහභාගිවන සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් ,ගුරු බවතුන්ටත් ,විදුහල්පතිවරුන්ටත් මාගේ සුභාශිංසණය පිරිනමන අතර , පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවටද ,සහභාගි වන ඔබ සැමටද මාගේ හදපිරි සුභාශිංසණය පිරිනමමි.
රංජිත් සියඔලාපිටිය
කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි
වැන්දල,
රුවන්වැල්ල.
...................................................................................................... ......................................................................................................................
2019 වර්ෂයේ සබරගමුව පළාත් 29 වන තරගාවිය තුන්කෝරළයේ පිහිටි රුවන්වැල්ල මහවත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු කිරීම තුන්කෝරළයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබුනු මහත් ආශිර්වාදයක් සේ සලකමි.මෙතෙක් මෙම ක්‍රීඩා තරගාවලිය ඇඔිලිපිටිය හෝ කෑගල්ල යන ප්‍රධාන නගර කේන්ද්‍ර කොටගෙන පැවැත් වූ අතර මෙම ප්‍රදේශයට මෙම තරගාවලිය ලැබීම සම්බන්දයෙන් මා ඉමහත් සතුටට පත්වූවෙමි.
මෙම ක්‍රීඩා තරගාවලියට සහභාගි වන 5000 ක් පමණ වන සියලුම දරු දැරියන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය එලි දැක්වීමටත්, ඒ අනුව ජයග්‍රහනය ලැබීමටත් ශක්තිය ,ධෛර්ය,වාසනාව ලැබී ජාත්‍යන්තරය ජයගත හැකි දරු පිරිසක් අප ප්‍රදේශයෙන් බිහිවේවායි මා ප්‍රාර්ථනා කරමි.
තවද මෙම ක්‍රීඩා උළෙල සංවිධානය කරන සියලුම සංවිධායක මණ්ඩලයට මාගේ කෘතවේදී ස්තුතිය පුදකරන අතර , සාර්ථක ක්‍රීඩා උළෙලක් පැවැත්වීමට ශක්තිය ධෛර්ය ලැබේවායි පතමි.
කේ.සුජිත් සංජය පෙර
කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති

කෑගල්ල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සියඔලාපිටිය මැතිතුමාගේ සුභ පැතුම්

කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.සුජිත් සංජය පෙරේරා මැතිතුමාගේ සුභ පැතුම්
2019 වර්ෂයේ සබරගමුව පළාත් 29 වන තරගාවිය තුන්කෝරළයේ පිහිටි රුවන්වැල්ල මහවත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු කිරීම තුන්කෝරළයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබුනු මහත් ආශිර්වාදයක් සේ සලකමි.මෙතෙක් මෙම ක්‍රීඩා තරගාවලිය ඇඔිලිපිටිය හෝ කෑගල්ල යන ප්‍රධාන නගර කේන්ද්‍ර කොටගෙන පැවැත් වූ අතර මෙම ප්‍රදේශයට මෙම තරගාවලිය ලැබීම සම්බන්දයෙන් මා ඉමහත් සතුටට පත්වූවෙමි.
මෙම ක්‍රීඩා තරගාවලියට සහභාගි වන 5000 ක් පමණ වන සියලුම දරු දැරියන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය එලි දැක්වීමටත්, ඒ අනුව ජයග්‍රහනය ලැබීමටත් ශක්තිය ,ධෛර්ය,වාසනාව ලැබී ජාත්‍යන්තරය ජයගත හැකි දරු පිරිසක් අප ප්‍රදේශයෙන් බිහිවේවායි මා ප්‍රාර්ථනා කරමි.
තවද මෙම ක්‍රීඩා උළෙල සංවිධානය කරන සියලුම සංවිධායක මණ්ඩලයට මාගේ කෘතවේදී ස්තුතිය පුදකරන අතර , සාර්ථක ක්‍රීඩා උළෙලක් පැවැත්වීමට ශක්තිය ධෛර්ය ලැබේවායි පතමි.
කේ.සුජිත් සංජය පෙර
කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති
කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
.........................................................................................................................................................................................................
කෑගල්ල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනී වෛද්‍ය තුසිතා විජේමාන්න මැතිනියගේ සුභ පැතුම්
29 වන පළාත් පාසල් ක්‍රීඩා උළෙල සදහා සුභ පැතුම් එක් කරන්නට ලැබීම භාග්‍යක් කොට සලකමි. සබරගමුව පළාතේ පාසල් දරුවන්ගේ ක්‍රීඩා දක්ෂතා ඇගයීම හා ත්‍යාග ප්‍රධාන උත්සවය පළමුවරට රුවන්වැල්ල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේ පැවැත්වීමට ගත් තීරණය පිළිබදව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවවට මාගේ ස්තූතිය පල කරමි. ක්‍රීඩාව තුලින් ජය පරාජය මෙන්ම කණ්ඩායම් හැගීම ,විනය හා සාමූහික වගකීම පිළිගෙන නීතිගරුක පුරවැසියෙක් ලෙස සමාජය වෙත පියනගන්නට දූ දරුවන් හට ලැබෙන ආභාෂය ඔප් නැංවෙන ආකාරයට දූ දරුවන් දිරිමත් කරවීම දෙමාපිය වැඩිහිටි අයගේ වගකීමකි.
මෙම සත්කාරය වෙනුවෙන් වෙහෙසෙන මහත්ම/මහත්මීන් වන පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සියළු නිලධාරින් හා සියළුම දෙනාට මාගේ ස්තුතිය පල කරන අතර ක්‍රීඩා උළෙල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි සුභ පතමි.
වෛද්‍ය තුසිතා විජේමාන්න
කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී
.........................................................................................................................................................................................................
සබරගමුව පළාත් සභාවේ ගරු සභාපති කංචන ජයරත්න මැතිතුමාගේ සුබ පැතුම්
29 වන සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ සමරු කලාපයට සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබදව සතුටු වෙමි.
පාසල් දරුවන් විභාග ජයග්‍රහණ ලබා ගැනීම මෙන්ම විෂය භාහිර ක්‍රියාකාරකම් වල යෙදීම තුළ අනාගතයේ දී රටට වැඩ දායක දරුවෙකු පාසල මගින් බිහිකරයි.
විවිධ ජාත්‍යන්තර තරග වලදී අභිමානවත් සබරගමුවේ දූ දරුවන් ලක් මාතාව රනින් සරසවමින් පසුගිය වසර ගණනාවක් පුරා ප්‍රදර්ශනය කළ ක්‍රීඩා කෞෂල්‍යන් අප සිත් තුළ සදා මතකයේ රැදෙනු ඇත.
ආදරණීය ක්‍රීඩා පුහුණුකරු මහත්ම මහත්මීන්, ක්‍රීඩා ගරු මහත්ම මහත්මීන් ,අධ්‍යක්‍ෂකතුමන්ලා , පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂතුමා ,පළාත් අධ්‍යාපන ලේකම්තුමා , විශේෂයෙන්ම ක්‍රීඩා අධ්‍යක්‍ෂ උපසාර අලහකෝන් මැතිතුමා ඇතුළු එතුමාගේ කණ්ඩායම මෙම ජයග්‍රහණ සබරගමුවට ගෙන ඒමේ දී මුහුණ දුන් වෙහෙසකාරී උත්සාහය හා කැප කිරීම් අපමණය.
උදාවන හෙට දිනයේ සබරගමුවේ දූ දරුවන්ගේ ජීවිත ගොඩනැංවීමේ භාරදූර වගකීම අප සියළු දෙනාගේ දෙවුර මත පැවරෙන නිමේශයේ දී ඔබට මාද ශක්තියක් වන බව සිහිපත් කරමි.
2019 සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා උළෙලට සහභාගීවන සියළුම දූ දරුවන්ට මාගේ සුභ පැතුම් පිරිනමමි.
කංචන ජයරත්න
සභාපති
සබරගමුව පළාත් සභාව
.........................................................................................................................................................................................................
සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සෑම වර්ෂයක් පාසාම පවත්වනු ලබන පළාත් පාසල් ක්‍රීඩා තරගාවලිය විසි නම වන අදියර වෙනුවෙන් සුභ පැතුම් එක් කරනුයේ හදපිරි සතුටිනි.
සබරගමුව පළාත තුළ විසිරී සිටින ක්‍රීඩා කේෂත්‍රයෙහි කුසලතා සපිරි පාසල් දරු දැරියන්ගේ ක්‍රීඩා මංගල්‍ය ලෙස මෙම ක්‍රීඩා උළෙල හැදින්විය හැකිය. උගතුන් ,බුද්ධිමතුන් පාසල් පද්ධතිය තුළ බිහි වෙද්දී ඔවුන් කායිකව හා මානසිකව පිරිපුන් පිරිසක් බවට පත් කිරීම ක්‍රීඩා පිටිය තුළින් සිදුවීම වාසනාවක් ලෙස මා දකිමි. ක්‍රීඩා පිටිය සියලු අංගයන්ගෙන් පිරිපුන් මිනිසුන් ගොඩ නගන මාවත බව අප විසින් සිහි තබා ගත යුතුය.
සියලු දෙනාගේ සුහදත්වය තුළින් තරගකාරීව ඔවුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කරමින් නායකත්වය, ඉවසීම සහභාගීත්වය තුළින් තම වගකීම් ඉතා මැනවින් ඉටු කරමින් රටේ සංවර්ධනයට අවශ්‍ය බුද්ධිමත් භෞතික සමපතක් ලෙස සමාජයට පා තැබීමට යහපත් ක්‍රියාශීලී පුරවැසියෙක් බවට පත් කර ගැනීමේ මහගු අවස්ථාවක් ලෙස මෙය හැදින්විය හැක.
පසුගිය වසර කිහිපය තුළ සබරගමුව පළාත ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා තරගවලදී ඉහළ තැනක ඔසවා තැබීමට පළාත තුළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් කටයුතු කර තිබීම ඉතා අභිමානයෙන් යුතුව මෙම අවස්ථාවේදී සිහිපත් කරන්නේ ඉතාමත් සතුටෙනි.
ඩී.එච්.මාලනී
ප්‍රධාන ලේකම්

රටක වර්තමාන අධ්‍යාපන සංස්කෘතිය එම රටේ අනාගත සංවර්ධනයේ පැතිකඩ කියාපාන දර්ශකයයි.විභාග ඉලක්ක කරගත් අධ්‍යාපන සංස්කෘතිය ක්‍රමයෙන් බැහැර කොට ශ්‍රී ලාංකේය ජන සමාජයේ මානව විභවතා ඔප් නංවන අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් අප නව වැඩසටහනක් සබරගමුව පළාත තුල ක්‍රියාත්මක කරන් ලබන්නේ එය රටේ අනාගත සංවර්ධනය උදෙසා මහත් සේ දායක වන බැවිනි.
දරුවන්ගේ සහජ දක්ෂතා පාසල තුලදී මාන කිහිපයකින් දියුණු කිරීම සබරගමුව අධ්‍යාපන වැඩසටහන් වල අරමුණයි. ඒ සදහා

සබරගමුව පළාත් සභාවේ ප්‍රධාන ලේකම්තුමියගේ සුබ පැතුම්

සබරගමුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සේපාල කුරුප්පු ආරච්චි මැතිතුමාගේ සුබ පැතුම්
- ක්‍රීඩාව තුලින් සංවර්ධිත සමාජයක් කරා...............
රටක වර්තමාන අධ්‍යාපන සංස්කෘතිය එම රටේ අනාගත සංවර්ධනයේ පැතිකඩ කියාපාන දර්ශකයයි.විභාග ඉලක්ක කරගත් අධ්‍යාපන සංස්කෘතිය ක්‍රමයෙන් බැහැර කොට ශ්‍රී ලාංකේය ජන සමාජයේ මානව විභවතා ඔප් නංවන අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් අප නව වැඩසටහනක් සබරගමුව පළාත තුල ක්‍රියාත්මක කරන් ලබන්නේ එය රටේ අනාගත සංවර්ධනය උදෙසා මහත් සේ දායක වන බැවිනි.
දරුවන්ගේ සහජ දක්ෂතා පාසල තුලදී මාන කිහිපයකින් දියුණු කිරීම සබරගමුව අධ්‍යාපන වැඩසටහන් වල අරමුණයි. ඒ සදහා
- ශාරීරික සංවර්ධනය
- මානසික සංවර්ධනය
- ආකල්පමය සංවර්ධනය
- චිත්තවේගිය සංවර්ධනය
- සමාජමය සංවර්ධනය
ලෙස අංශ පහකින් යුතු ඉලක්ක සහිත තුලිත පූර්ණ පෞරුෂයක් වෙනුවෙන් බොහෝ වැඩසටහන් අප පළාත තුල ක්‍රියාත්මක වේ.සෑම දරුවකුටම ක්‍රීඩා 2 ක් අනිවාර්ය කිරීම එහි ප්‍රධානතම අංශයක් වන අතර විෂය බාහිර ක්‍රියාකාරකම් 2 ක්ද අනිවාර්ය වේ.
ක්‍රීඩාව අපගේ ප්‍රධානතම ඉලක්කය ලෙස සංවර්ධනය කරනුයේ ඉහත අංශ පහම සංවර්ධනය සදහා ක්‍රීඩාව උපරිම ලෙස දායක වන බැවිනි. ක්‍රීඩා කිරීම සදහා දරුවන් යොමු කිරීම මෙන්ම ක්‍රීඩාව විදීම සදහා දරුවන් පෙළඔවීමද අපගේ අභිප්‍රාය වේ. ඒ මගින් දියුණු මානව සමාජයක ලක්ෂණ ශ්‍රී ලාංකේය සමාජය තුල ජනිත කල හැකි බව අපගේ විශ්වාසය වේ.
එම ඉලක්කය ජය ගැනීම සදහා ක්‍රීඩාව කුඩා කලසිටම සෑම දරුවෙකුටම හුරු කරවීම පිණිස අව්ව වැස්ස දුහුවිලි නෙතකා දිවා රෑ වෙහෙසන සබරගමුව ක්‍රීඩා අධ්‍යක්ෂවරු .ක්‍රීඩා ගරු උපදේශකවරු ක්‍රීඩා ගුරු භවතුන් හා ක්‍රීඩා පුහුණුකරුවන් ඇතුලත් ක්‍රීඩා අංශයද , විනිශ්චයකාරතුමන්ලාටද ඒ සදහා අත දෙන විදුහල්පතිවරු හා දෙමාපියන්ටද අපගේ අගයීම පිරිනමන්නේ හද පිරි සෙනෙහසිනි.ක්‍රීඩාවේ දියුණුව පිණිස නන් අයුරින් දායක වන සැමටද , අපගේ දුවා දරුවන්ටද අප උණූසුම් සුභපැතුම් පිරිනමන්නේ ඉමහත් සතුටිනි.
සේපාල කුරුප්පු ආරච්චි
පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ
පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව
රත්නපුර.