Pages

උත්සවයේ නිල ප්‍රකාශ

විවෘත කිරීමේ ප්‍රකාශය

 සබරගමුව පළාතේ සියලුම  අධ්‍යාපන කලාප නියෝජනය කරමින් අද දින රැස් වූ පළාත් පාසල් ක්‍රීඩක පරපුරට මාගේ ගෞරවය හා සුභාශිංසනය පිරිනමමි.
මෙම ක්‍රීඩා උත්සව කාලයේදී සහෝදරත්වයත් , සුහදතාවයත් වර්ධනය වේවායි  ප්‍රාර්ථනා කරමි.
2019 වර්ෂයේ විසිනව වන සබරගමුව පළාත් පාසල් ක්‍රීඩා උළෙල විවෘත කරන ලද බවට 
මෙයින් ප්‍රකාශ කර සිටිමි.
12
ක්‍රීඩක ප්‍රතිඥාව

අප උතුම් මාතෘ භූමියේ  ගෞරවය සදහාත් ,ක්‍රීඩාවේ සදා මහිමය සදහාත් තරග නීති රීති වලට අවනතව, නියම ක්‍රීඩකත්වය ආරක්ෂා කරමින් 2019 වර්ෂයේදී , විසිනව වන වරටත් පැවැත්වෙන , සබරගමුව පළාත්  පාසල් ක්‍රීඩා උළෙලට, සහභාගි වන බව මෙයින් අපි ප්‍රතිඥා දෙමු.  

විනිශ්චයකරුවන්ගේ ප්‍රතිඥාව

පූර්ණ අපක්‍පාතීත්ෂවයෙන් යුතුව , ක්‍රීඩකත්වයේ උත්තරීතර පරමාර්ථයන් ආරක්ෂා කරමින් , සම්මත නීති රීති  වලට එකගව, විසිනව වන වරටත් පවත්වන මෙම පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ තරග විනිශ්චය කරන බවට , සියලුම විනිශ්චයකරුවන් සහ නිලධාරීන් වෙනුවෙන් ප්‍රතිඥා දෙමි.