2019/09/14
2019/09/14
සමස්ත ලංකා පාසල් මර්ග ධාවන තරගය
අවුරුදු 16න් ඉහළ පාසල් ක්‍රීඩකයන් සඳහා පැවැත්වෙන සමස්ත ලංකා පාසල් මර්ග ධාවන තරගය මේ මස 14 වැනිදා ගිරිඋල්ලේදී පැවැත්වේ. තිස්වසරකට අධික කාලයක් දිවයින පුරා මැරතන් තරග සඳහා අනුග්‍රහය දැක්වූ නෙස්ටමෝල් සහාය ඇතිව අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අංශය විසින් මේ තරගය සංවිධාන කරයි.
ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 300 අධික පිරිසක සහභාගිත්වයෙන් කොටස් දෙකකින් යුතුව පැවැත්වෙන මේ ධාවන තරගයේ ප්‍රධාන තරගය කිලෝමීටර් 14ක දුරකින් සමන්විත වන අතර ආධුනික ධාවකයන් සඳහා කිලෝමීටර් 4ක තරගයක් පැවැත්වෙයි. මේ තරග ද්විත්වයම 14 වැනිදා සවස 4.00ට ගිරිඋල්ල වික්‍රමශීලා විදුහල අසලින් ආරම්භ වීමට නියමිතය.
දශක ගණනාවක් තිස්සේ මෙරට මැරතන් තරග සඳහා බලය, ජවය සහ ශක්තිය සපයන නෙස්ටමෝල්ට් සමගින් ක්‍රමානුකූලව වර්ධනය වූ මේ ක්‍රීඩා ඉසව්ව මේ වනවිට පාසල් ක්‍රීඩා දින දර්ශනයේ වැදගත්ම ඉසව්වක් බවට පත්ව තිබීම කැපී පෙනේ.
2019/09/14
89 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ පාසල් මලල ක්‍රීඩා තරගාවලිය
සමස්ත ලංකා පාසැල් මලල ක්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් පවත්වනු ලැබූ 89 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ පාසල් මලල ක්‍රීඩා තරගා වලියේ සමස්ත බාලක ශූරතාවය දිනා ගැනීමට බම්බලපිටිය සාන්ත පීතර විදුහල සමත් වූ අතර වලල ඒ.රත්නායක විදුහල සමස්ත බාලිකා ශූරතාවය දිනා ගැනීමට සමත් විය.
දක්ෂතම ක්‍රීඩකයා - චමෝද් යෝධසිංහ දුර පැනීම මීටර් 7.43 (කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලය)
චමෝද් යෝධසිංහ මීටර් 100 තත්10.80 (කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලය)
දක්ෂතම ක්‍රීඩිකාව - ශෙලින්ඩා ජෙන්සන් මීටර් 100 තත්.12.13 ( රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසල)
ශෙලින්ඩා ජෙන්සන් මීටර් 200 තත් 24.69 ( රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසල)
තරගා වලියේ පිටියේ ඉසව් වල දක්ෂතම ක්‍රීඩකයා
චමෝද් යෝධසිංහ (කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලය)
තරගා වලියේ පිටියේ ඉසව් වල දක්ෂතම ක්‍රීඩිකාව
සදීපා හෙන්ඩසර්න් ( රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසල)
තරගා වලියේ දක්ෂතම ධාවන ශූරයා සම්මානය
කවිෂ්ක සන්දේශ් (මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය)
තරගා වලියේ දක්ෂතම ධාවන ශූරිය සම්මානය
ශෙලින්ඩා ජෙන්සන් ( රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසල)
මෙවර තරගාවලියේ බිහිවූ නව තරග වාර්තා
අවුරුදු 16න් පහළ
බාලක මී.400 කඩුලු - විනෝද් ආරියවංශ (තත්.53.76 - රත්නපුර ඇලෝසියස්)
බාලිකා මී.400 කඩුලු - සඳුනි ලක්ෂානි ( වි.1:05.91 - වලල ඒ රත්නායක)
බාලිකා මී.800 - ටී.ඩී.කරුණාරත්න (වි.2:17.43 - වලල ඒ රත්නායක)
බාලිකා මී.400 සහාය - වලල ඒ රත්නායක වි. (වි.4:02.79)
බාලිකා කවපෙත්ත - නිසුලි සවින්දි (මී.33.14 - ශ්‍රී සුමංගල බාලිකා)
අවුරුදු 18න් පහළ
බාලක මී.110 කඩුලු - නදුන් කවීෂ (තත්.13.93 - කොළඹ රාජකීය)
බාලක මී.200 - චලිත් පියුමාල් (තත්.21.87 - කොළඹ ලුම්බිණි)
බාලක මී.400 කවිෂ්ක සන්දේශ් (තත්.48.01 - මොරටුව සා.සෙබස්තියන්)
බාලක කවපෙත්ත - රුමේෂ් තරංග (මී.48.00 - බම්බලපිටිය සා.පීතර)
බාලිකා මී.100 කඩුලු - සෙනුරි අනුත්තරා (තත්.14.63 - ධර්මපාල)
බාලිකා මී.800 - ශානිකා ලක්ෂානි (වි.2:13.26 - ගම්පහ සිරිකුරුස)
බාලිකා කවපෙත්ත - හේෂානි මහේෂිකා (මී.38.16 - සෙබස්තියන් බාලිකා)
බාලිකා යගුලිය - ඔවිනි චන්ද්‍රසේකර (මී.14.14 - කොළඹ බිෂොප්)
බාලිකා හෙල්ල විසිකිරීම - අයි.යූ.හසන්ති (මී.46.97 - වලල රත්නායක)
අවුරුදු 20න් පහළ
